නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ජනතාව එක්රැස්වීම වීම හැකිතාක් අවම කිරීමේ අරමුණින් අද සිට එළැඹෙන බ්‍රස්පතින්දා දක්වා දින තුනක විශේෂ රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ සෙසු දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව හිමි වනු ඇත.
පෞද්ගලික අංශයටද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජය ඉල්ලා සිටියි.
වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.
මෙවන් තත්වයක් පැවතියද අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟයක් කිසිසේත්ම මතු නොවන අතර එබැවින් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



