පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව එහි කාලය මාර්තු මස 20 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතළ ප්‍රකාරව පරීක්ෂණ කොමිශන් සභා පනතේ දෙවන වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් අදාල දීර්ඝ කිරීම සිදුකර ඇති බව සඳහන්.
ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති අතර මාස 6 කින් මෙම කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මස 20 වන දින දක්වා ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු සිදු කිරීමට නියමිතයි.



