දැනට ලැගුම්හල් වල රැදි සිටින විදේශිය ජාතිකයන් හට හිරිහැර කිරිමෙන් වලකින ලෙසත් ඔවුන් දැනුවත් කරන ලෙසත් යුධ හමුදාපති ම්ට සුළු මොහාෙතකට පෙර පැවසුවා.
තවද මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් නිවාඩු කාලයේ ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.



