සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන සියලුම විභාගයන් කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා දැනුම් දෙයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ දිවයින තුළ පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැළසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට සිදුව ඇති බවයි.
එම විභාගයන් පවත්වන දිනයන් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව ද ඒ.එල් බස්නායක මහතා වැඩිදුරටත් දන්වා සිටියි.



