බැදුම්කර සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂමේ වාර්තාව ලබන 17 දින පාර්ලිමේන්තුවට 

Share

බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂමේ වාර්තාව ලබන 17 දින පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමස්ත රටේ අවධානය යොමු වුණා. සියලු දේශපාලන පක්ෂ විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි කියන ස්ථාවරයක සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම කමිටුවක් පත් කළ වාර්තාවක් ඉදිරිපත් කළා. මෙම සියලු පරීක්ෂණ වාර්තාවලින් ගන්න පුළුවන් වුණේ, දීර්ග පරීක්ෂණයක් කළ යුතුයි කියලා. කමිටු හතර විවිධ නිර්දේශ ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා කොමිෂන් සභාව පත් කළා. මෙය යට ගහන්න පත් කළා කිව්වා. කාලය දික් කරන කොට කිව්ව යට ගහන්න හදනවා කිව්වා. මේ පිළිබඳව වපර ඇසින් සමහර අය දැක්කා. ප්‍රථමවරට ජනාධිපතිවරයෙක් ප්‍රකාශයක් කළා. පාර්ලිමේන්තුව අද කැදෙව්වා. ලබන 17 වෙනිදා සියලු වාර්තා ලබාදෙන බව ලිඛිතව ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා. මෙය යට ගැසීමට වුවමනාවක් නෑ. විධිමත් පරිදි කටයුතු කරන තැන සිටිනවා. මින් ඉදිරියට මෙවැනි දේ රට තුළ සිදු නොවිය යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News