ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරයි

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ විසා බලපත්‍ර කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

විදේශ ලේකම් රවිනාත ආරියසිංහ මහතා විසින් විදේශ රාජ්‍යයන්ගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වසංගතය ව්‍යාප්තවිම පාලනය කිරිම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරිම සඳහා බටහිර තානාපතිවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී විදේශ ලේකම්වරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.

දැනට මෙරට තුළ සිටින විදෙස් ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර කාලය මසකින් දීර්ඝ කිරිමට තීරණය කර ඇතිබවත් මෙම සුවිශේෂි අවස්ථාවේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට ද අදාල පහසුකම සැපයීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් රවිනාත ආරියසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිටින විදේශකයින් පිළිබඳ වර්තමාන තත්ත්වය සහ විදේශයන්හී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන දුෂ්කරතා පිළීබඳව මෙහිදී තානාපතිවරුන් සමඟ තොරතුරු හුවමාරු කරගෙන ඇත.

ගුවන් තොටුපල වසාදමා තිබියදීත් විදේශකයින් අපහසුතාවයකින් තොරව රටින් පිටත් කර හැරිම පිළිබඳව දමෙම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.

Read more

Local News