කටුනායක ගුවන් තොටුපල වසයි

Share

අද (19) අළුයම 04.00සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසාදැමිමට පියවර ගෙන තිබේ.

 

අළුයම 03.40ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානය අවසාන වශයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේය.

ඒ අනුව අද දිනයේ සිට දින 07ක කාලයක් සඳහා ගුවන්තොටුපල වසා දැමිමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන්යානා දිගටම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙන අතර කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැලසුම් කර ඇති පරිදිම සිදුකිරිමට නියමිතයි.

Read more

Local News