ජනතාව කිසිඳු විටකදි එකරාශි වෙන්න එපා – නියෝජ්‍ය පොලිස්පති

Share

සනීපාරක්ෂ සෞඛ්‍ය උපකරණ වැඩි මිලට විකිනීම හො තොග සඟවා ගෙන සිටින අයෙක් වෙ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදි ඔහු පැවසුවේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල වැසියන් කිසිදු අවස්ථාවකදි සමුහ වශයෙන් එකරාශි වී නොසිටින ලෙසටයි.

නිවෙස් වලට වී සිටින ලෙසට අන කළ වී සෑම කෙනෙකුම තමන්ගේ නිවෙස්වල පමණක් සිටීමට වගබලා ගත යුතු බවද ඒ මහතා පැවසීය.

කිසිදු විටකදි විදේශිකයක් දෙස වැරදි ආකාරයෙන් නොබලන ලෙසත් නිවැරදි තොරතුරු පමණක් පොලීසිය වෙත දන්වා එවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News