ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිගු කරයි

Share

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය මඟින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය 2020-03-31 දක්වා දිර්ඝ කිරීමට තීරණය කර ඇත.

 

රටේ පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාර්යාංශය මේ තීරණයට එලැඹි ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මේ ගැන යම් ගැලුවක් වේ නම් අධ්‍යක්ෂක ඛනිජ හිමිකම් ඇමැතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

දුරකථන අංකය-077 574 88 75

Read more

Local News