කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට මගීන් ඇතුළත් කරගැනීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට සතියක කාලයකට අත්හිටවනු ලැබුවේය.
නමුත් දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් අද අළුයම 03.40ට පමණ නවදිල්ලි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබුවේය.
මේ අතර ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව බ්‍රිතාන්‍යෙය් රැඳී සිටි ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙකු අද දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට ගෙන්වු අතර ඔවුන් සියලු දෙනාම නිරෝධාන කටයුතු සඳහා යොමු කෙරුණි.
මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛසරය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවීම සඳහා ,හෙට (20) දිනයේ සිට මේ මස 27 වනදා දක්වා රජයේ වැඩකරන දින 06ක කාලය, නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය අද තීරණය කළා.
මෙවන් අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවි පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බි.ජයසුන්දර මහතා විසින් මෙම චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ.
මෙම තීරණය රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවලට අදාළව ක්‍රියාත්මක කෙරෙන අතර මෙම කාල සීමා රජයේ නිවාඩු දින ලෙස නොසැලකෙන බවයි රජය දැනුම් දෙන්නේ.
කෙසේ වෙතත් ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය, පළාත් පාලන, ප්‍රවාහන , බැංකු , ආහාර , ජලය, විදුලිය ආදි සැපයුම් සේවා මෙන්ම පොහොර බෙදා හැරිම , වී මිලදී ගැනිම ඇතුළත්ව අත්‍යවශ්‍ය සේවා සැපයීම අඛණ්ඩව සිදු කිරිම සඳහා අදාළ බලධාරින් පියවර ගත යුතු වේ.
එමෙන්ම අදාළ ආයතන ප්‍රධානීන් විසින් හැකිතාක් දුරට තම කාර්යය මණ්ඩලය කාර්යාල තුළට කැඳවා ගැනීමෙන් තොරව විද්‍යුත් තැපෑල , කෙටි පණිවිඩ හා දුරකථන ආදි තාක්ෂණ ක්‍රමවේදයන් හා ලිපිගොනු ගෙන්වා ගැනිම වැනි විකල්ප ක්‍රියාමාර්ග යොදා ගනිමින් සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනිමට ඔවුන් වගබලාගත යුතු බවයි රජය පෙන්වා දෙන්නේ.
මීට අමතරව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා මෙම මස වැටුප එළඹෙන සඳුදා දින ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් ලබා දි තිබේ.



