කොරෝනා නිසා සිදුවු මරණ ගණන 10000 ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවා තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 10041 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් දෙලක්ෂ 44,950 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 87,408 දෙනෙකු සුව වී තිබේ.

ඊයේ(19) දිනය තුළ ද වැඩිම මරණ සංඛ්යාතවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 475ක්.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට ලෙස ඉතාලිය පත්ව තිබේ.

චීනය තුළ මරණ 3245ක් වාර්තා වන අතර ඊයේ දිනය වන විට ඉතාලියෙන් මරණ 3405ක් වාර්තා වී තිබේ.

ඉරානයේද වෛරසය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර සෑම මිනිත්තු 10කට වරක් ඉරානයෙන් එක් මරණයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Read more

Local News