මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 17ක් තුළ පුද්ගලයින් 2463 දෙනෙකු නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම නිරෝධායන මධ්‍යස්ථාන තුළ විදේශිකයින් 27 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ද ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා මේ වන විට යොමු කර තිබේ.
දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දීයාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් නැවත දිවයිනට ගෙන්වා ගැනිමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස දිවයිනට ගෙන්වා ගැනිමට නියමිතයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි මහත්මිය විසින් ඊයේ පස්වරුවේ අයි.ඩී.එච් රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව සොයා බැලූ අමාත්‍යවරිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල අවශ්‍යතාවන් පිළිබඳව ද සොයා බැලූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර වෙළඳපොල තුළ කිසිදු භාණ්ඩ හිඟයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ ඉදිරි මාස කිහිපය සඳහා ප්‍රමාණවත් තරම් ආහාර පාන රට තුළ පවතින බවයි.
මේ අතර භාණ්ඩ සැඟවිමට හා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව පොලීසිය පවසයි.
අද(20) දිනයේ සිට මෙම වැටලීම් සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



