සමාජ ජාලවල සංසරණය වූ වීඩියෝවේ දැරිය අපයෝජනයට ලක්කළ සැකකරු අත්අඩංගුවට

Share

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු දැරියක් අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝවට අදාළ සැකකරු ආඬිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුව ගෙන තිබේ.

 

මෙම සැකකරු ඊයේ(19) ආඬිඅම්බලමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වෙයි.

අදාල දැරියගේ නිවස තුළදීත් නිවසින් පිටතදීත් අවස්ථා කිහිපයකදී සැකකරු විසින් දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට විමර්ශන වලදී හෙළි වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම සැකකරු අපයෝජනයට ලක්වූ දැරියගේ ඥාතියෙකු බව පොලීසිය පවසයි.

වීඩියෝව සම්බන්ධව සිදුකරන ලද ජාලගත විශ්ලේෂණ වාර්තා අනුව සිදුකළ විමර්ශනයේදී මෙම අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(20) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News