රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

Share

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

කොරෝනා වෛරස රට පුරා ව්‍යාප්තවීමේ අවදානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති බවත් ඒ පිළිබඳව පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර තවත් දැවැන්ත මූල්‍ය අර්බුදයකට රට ඇද වැටීමේ අවදානක් ද මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද මෙතෙක් රජයේ සැලකිල්ල යොමුවී නොමැති බවත්  රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News