මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි.
වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි.
ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
මේ අතර ආසාදිතයින් 70 දෙනාගෙන් බහුතරය පිරිමි පුද්ගලයින් බව ද ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.



