මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය වසංගතයක් බවට නම් කොට තිබෙන කොරෝනා හෙවත් කෝව්ඩි-19 වෙෙරසය ලොව පුරාම පැතිරි ගොස් තිබෙනවා.
ඒ වගේම මෙම වෙෙරසය ගෝලීය වසංගත පාලනයෙනුත් ගිලිහිලා තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරම්න් ප්‍රකාශ කළා.
අනෙකුත් රටවල් මෙන්ම ලංකාව පුරාද මේ වසංගතය පැතිරෙන ප්‍රමාණය සිඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව වෙෙද්‍ය සංගමය පැවසු අතර එම තත්ත්වයෙන් ම්දිම සදහා හැකිතාක් සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවත් සදහන් කළා.
එබැවින් හැකිතාක් තමන්ගේ මෙන්ම අන්අයගේ අරක්ෂාව උදෙසා සියලු ක්‍රම වේදයන් පිලිපැදිය යුතුයි.
නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පරාජය කිරීම සඳහා උපරිම ලෙස දායක වීම පුරවැසි අප සතු වගකීමකි.
එම වගකීම නිසි අයුරින් ඉටුකළ පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳව අදත් අපට වාර්තා වුනා.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් මුඛ ආවරණ පළඳින ලෙසට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනු ලැබුවා.
නමුත්, ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ වෙළෙඳපොලේ නොමැතිවීම නිසා ඒවා මිලදී ගැනීමේදී ජනතාව මුහුණ දෙන්නේ විශාල ගැටලුවකටයි.
ඊට පිළියමක් ලෙස නොමිලේ මුඛ ආවරණ මසා ජනතාවට ලබාදීමට ත්‍රිකුණාමලයේ ඇඳුම් මසන්නෙකු වන අබ්දුල් මක්සූත් මොහොමඩ් මුජීබ් මහතා කටයුතු කර තිබෙනවා.
මේ අතර විදේශ රටවල සිට මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල පසුවන අයට සහ සෞඛ්‍ය සේවකයන්ගේ පරිභෝජනය සඳහා කළුවිල පදිංචි පී.ටී.අමරජීව මහතා විසින්, කාබනික පොහෙර යොදා වගාකළ එළවළු යුධ හමුදාව වෙත භාරදීම අද සිදුකෙරුනා.
මේ අතර කෝට්ටේ නගර සභාව සහ ඉංජිනේරුවරුන් පිරිසක් විසින් සේවා ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා විෂබීජහරණය කිරීමේ කුටියක් නිර්මාණය කර තිබෙනවා.
පුද්ගලයෙකු කුටීරට තුළට ඇතුළු වූ විට එහි ඇති ඇල්කොහොල් මිශ්‍ර ද්‍රාවනයක් ස්වංක්‍රීයවම වාෂ්ප ආකාරයෙන් සිරුරට ඉසීමෙන් විෂබීජහරණය සිදු කරයි.
මේ අයුරින් විවිධ ප්‍රදේශ වල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරිමටත් ඉන් අරක්ෂා විමටත් කටයුතු යොදා තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, විදෙස්ගතව සිට පැමිණි යම් පුද්ගලයින් වේ නම්, සිය නිවස තුළදී ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසයි.
එම නිවේදනය පහතින්…….
විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක් වීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් පහත පරිදි වේ.
1. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා නිවසේ වාතාශ්‍රය ලැබෙන කාමරයක වෙනම රඳවා තැබිය යුතු අතර නිවසේ අනෙකුත් සාමාජිකයින් ඔහුගෙන් වෙන් වී වෙනම කාමරවල සිටිය යුතු ය.
2. නිරෝධායනයට ලක් වන පුද්ගලයා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් අතර අවම වශයෙන් මීටරයක දුරස්තභාවයක් තබා ගත යුතු ය.
3. නිවසේ අනෙකුත් සාමාජිකයින් වෙනම නානකාමරයක් භාවිත කිරීම වඩාත් ම සුදුසු වන අතර එසේ නොමැතිව එකම නානකාමරයක් භාවිත කරන්නේ නම්, නිරෝධායනය ලක් වන පුද්ගලයා නාන කාමරය භාවිත කිරීමෙන් පසු එහි සියලු උපකරණ පිරිසිදු කළ යුතු ය.
4. නිවසට අමුත්තන් පැමිණීම සීමා කළ යුතු අතර කිසිදු අවස්ථාවක විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා කිසිදු අමුත්තෙකුට මුණ නොගැස්විය යුතු ය.
5. අවම වශයෙන් තත්පර 20ක් හොඳින් සබන් යොදා නිතර දෑත් පිරිසිදු කළ යුතු අතර ජලය යොදා දෑත් පිරිසිදු කිරීමට නොහැකි අවස්ථාවකදී මධ්‍යසාර අඩංගු දෑත් සේදීමේ සනීපාරක්ෂක ද්‍රාවණයක් භාවිත කරන්න.
6. පිරිසිදු නොකළ දෑත්වලින් ඇස්, නහය සහ මුව ස්පර්ශ කිරීමෙන් වළකින්න.
7. නිවස තුළ නිරෝධායනය ලක් වන පුද්ගලයා දිනකට දෙවරක් සිය ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු අතර යම් හෙයකින් උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ අමාරුව, ඇඟපත වේදනා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුම්වත් කළ යුතු ය.
8. ඉවත දැමිය හැකි මුඛ ආවරණ, අත්වැසුම් භාවිත කිරීමෙන් පසු ඒවා නැවත භාවිත නොකර සුදුසු පරිදි විනාශ කළ යුතු ය.
9. නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයාගේ පිගාන්, කොප්ප, වැනි ආහාර ගැනීමට භාවිත කරන උපකරණ ඇතුළු අනෙකුත් සියලු උපකරණ වෙන් කර තැබිය යුතු ය.
10. ගේ දොර උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් භාවිත කිරීමෙන් පසු සබන් යොදා හොඳින් පිරිසිදු කළ යුතු වේ.
සක්‍රිය සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරීක්ෂණයට ලක්වීම
1. නිරෝධායනයට ලක් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම හා ක්ෂේත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වගකිව යුුතු වේ.
2. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පත්කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිරෝධායනයට ලක් වන පුද්ගලයින් නිරන්තරව නිරීක්ෂණයට ලක් කරනු ඇති.
3. නිරෝධායනයට ලක් කෙරෙන දින 14 ඇතුළත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ස්ථාන පරීක්ෂාවෙන්, දුරකතනය සහ කෙටි පණිවුඩ ඔස්සේ, රදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබයි.
4. යම් හෙයකින් නිරෝධායනයට ලක් වන පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කඩිනමින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා දැනුම්වත් කළ යුතු වේ.
5. රෝග ලක්ෂණ පෙන්නුම් කරන අදාළ පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇමතීමෙන් ළඟම රජයේ රෝහලට හෝ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා නියම කරන ලද රෝහලකට ඇතුළත් කළ යුතු ය.
මෙම සියලු ක්‍රියාකාරකම් සදහා සහාය දැක්විම තුලින් මුළු මහත් ලංකාවම හැකි ඉක්මණින් කොරෝනා ව්‍යාප්තිය තුරන් කරලීමට හැකි වන බැව් නම් නොඅනුමානයි.
මේ පිළිබද පූර්ණ සවිස්තර අප මාධ්‍ය ජාලයෙන් නිරන්තරයෙන්ම ඔබ හමුවට ගෙන ඒමට කටයුතු කරන අතර හැකි උපරිමයෙන් රටතුල පවත්නා තත්ත්වයෙන් ම්දිමට ඔබලාගේ පූර්ණ සහාය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.



