කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා මරණ 11,383ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවා ගොස් තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,032ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තාවී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයක්.
ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වනබව වාර්තා වේ.
එමෙන්ම එරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.




