ඇඳිරි නීතිය වෙලාවේ ආපන ශාලාවක් විවෘත කළ අයෙක්ට වූ දේ

Share

හපුත‍ලේ පොලිස් වසමේ බඳුල්ල පාර, හපුතලේ ප්‍රදේශයේ දී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ආපන ශාලාවක් විවෘතව තබා ගත පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(20) රාත්‍රී 10.10ට පමණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වු නීව්වෘඩ් කොටස, හල්දුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(21) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News