කොරෝනා නිසා ඉන්දියාවේ කුකුළු මස් අලෙවියට දැඩි බලපෑම්

Share

ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 249 දෙනෙකු හමු වී ඇති අතර සිදුව ඇති මරණ ගණන 5ක්.

 

නව කොරෝනා වෛරස වසංගතය ඉන්දියාවේ පැතිරීමත් සමග එරට ප්‍රාන්ත රැසක කුකුළු මස් අලෙවියට බලපෑම්  එල්ල කර තිබෙන බව  ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

ඉන්දියානුවන් කුකුළු මස් බහුලව ආහාරයට ගන්නා නමුත් කොරෝනා වයිරසයට  බියෙන් ඉන්දියානුවන් මස් ආහාරයට නොගන්නා බව පැවසෙයි.

සමාජයේ ඇති දුර්මත බැහැර කරමින්, ඉන්දියාවේ උතුරුදිග පන්ජාබ් ප්‍රාන්තයේ වැසියෙක් කුකුළු මස් උත්සවයක් සංවිධානය කර තිබුණි.

ඒ නව කොරෝනා වෛරසය කුකුළු මාංශ ඔස්සේ ව්‍යාප්ත නොවන බවට ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම අරමුණින්.

උත්සවයට සහභාගී වන්නන්ට ප්‍රණීත කුකුළු මස්වලින් සංග්‍රහ කිරීමට මෙහිදී කටයුතු කෙරුණි.

මසක් තුළ ඉන්දියාවේ කුකුළු මස් අලෙවිය සියයට පනහකින් පමණ පහත වැටී තිබේ.

ඒ හමුවේ මිල ගණන්ද විශාල වශයෙන් පහත වැටී ඇති බව සඳහන්.

ඉන්දියානු කුකුළු මස් සමාගම් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය අවභාවිතය මගින් වැරදි තොරතුරු සමාජගත කිරීමද ඊට හේතු වී ඇති බවයි.

වාර්තා වලට අනුව, මිල පහත වැටීම ගොවීන්ට ද බලපා තිබේ.

මේ හේතුවෙන් ගොවීන් දැනටමත් නිෂ්පාදන අඩු කිරීමට පටන් ගෙන ඇති බව සඳහන්.

සත්ත්ව ආහාර සහ පක්ෂීන්ගේ විශාල සංචිත  තබා ගැනීමේ වෙනත් වියදම් දැරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් එම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News