යොවුන් වියේ පසුවන්නන්ටත් කොරෝනා අවදානමෙන් ම්දෙන්න බෑ

Share

යොවුන් වියේ පසුවන්නන්ට ද කොරෝනා වෛරසයේ අවදානමෙන් මිදීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

 

අවධානමට ලක්විය හැකියැයි වඩාත් සැකකරන පුද්ගලයින් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.

මේ අතර ඊයේ දිනය තුළ පමණත් ඉතාලියේ කොරෝනා මරණ 627 ක් වාර්තා වූයේ දිනක් තුළ වාර්තා වුණු ඉහළම කොරෝනා මරණ ගණන සටහන් කරමින්ය.

ලොව මුළු කොරෝනා මරණ සංඛ්‍යාවෙන් 35 % ක් වාර්තාවන්නේ ඉතාලියෙන් වීමෙන් එරට කොතෙක් දුරට මෙම වෛරසයෙන් පීඩාවට පත්ව ඇත්ද යන්න වටහාගත හැකියි.

ඉතාලියේ මියගිය ආසාදිතයන් අතර වෛද්‍යවරුන් 17 දෙනෙකුද වෙයි.

එමෙන්ම එරට සෞඛ්‍යය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී අවසන්ය.

නව කොරෝනා වෛරස ආසාදනයෙන් ඉතාලියේදී මිය යන රෝගීන් සංඛ්යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මළ සිරුරු ආදාහනාගාර වෙත රැගෙන යාමට අවශ්‍ය වාහන පහසුකම් සොයා ගත නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

ඒ හේතුවෙන් යුද හමුදා ට්‍රක් රථ ඊට යොදා ගෙන තිබුණි.

මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ රැගත් හමුදා හමුදා ට්‍රක් රථ මේ වනවිට  වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බර්ගමෝ නගර වැසියන්ට සුලබ අත්දැකීමක් බවට පත්ව අවසානයි.

ඉතාලි මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අඛණ්ඩව මාස හයක් පැවතියහොත් මළසිරුරු මිහිදන් කිරීමට සිදුවනු ඇත්තේ  සමූහ මිනී වළවල් තුළ බවයි.

පවතින තත්ත්වය හමුවේ ඉතාලි වැසියන්ගේ  චිත්ත ධෛර්යය වර්ධනය කිරීමේ පියවරක් ලෙස පසුගියදා රට පුරා ගුවන්විදුලි මධ්‍යස්ථාන එකම වේලාවකදී ජාතික ගීය විකාශනය කිරීම සිදු කළ අතර ජනතාවද ඊට සහාය පළ කළේය.

ඉතාලිය එවන් ඉරණමකට මුහුණ දී සිටියදී චීනයේ අඛණ්ඩව තුන් වන දිනටත් අලුතින් කොරෝනා ආසාදිතයන් හමු නොවීම විශේෂත්වයකි.

ඊයේ දින පමණක් ආසාදිතයින් 561 දෙනකු එරට රෝහල්වලින් සුවය ලබා පිටව ගොස් තිබුණි.

ඒ අනුව චීනයේ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 71,740කි.

කෙසේ වෙතත් චීනයෙන් තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වී තිබුණි.

චිනයෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ ප්‍රමාණය ශීඝ්‍රෙයන් අඩුවෙමින් පවතියි.

මේ අතර විදේශයන්හි සිට පැමිණෙන සියලුම දෙනාට නිවෙස්වල ස්වයං නිරෝධායනය වීම අනිවාර්යය කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර නෙදර්ලන්තයේ සෞඛ්‍ය විෂය භාර අමත්‍යවරයා කොරෝනා වෛරසය සම්බන්ධ පීඩනය හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ඔහු සිහිසුන්ව ඇදවැටුණි.

මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,994ක් වන අතර සිදුව ඇති මරණ ගණන 106කි.

ග්‍රීසියෙන් ආසාදිතයින් 495ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ ගණන 10කි.

එරට නව කොරෝනා වෛරස ආසාදිත මවක් සාර්ථක සිසේරියන් සැත්කමකින්  බිළිදෙකුට උපත ලබා තිබේ.

කෙසේ වෙතත් දරුවාට වෛරසය ආසාදිත වී නොමැති බව සැත්කමට සහභාගී වූ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා  – ” දරුවා හඬනවා ඇහුණාම මව වගේම අපිත් ගොඩක් සතුටු වුණා. ඇය දරුවාව තමන්ට දෙන ලෙස ඉල්ලුවා. ඒත් දරුවා ඇයට පෙන්වන්න විතරයි අපිට පුළුවන් වුණේ.

දවස් 14ක් යන තුරු ඇයට කිසිසේත්ම දරුවාව ඇල්ලීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඇය වෛරසයෙන් සුවය ලබා ඇති බව තහවුරු වීමත් අනිවාර්යයයි. ”

තුන් වැනි වැඩිම කොරෝනා මරණ වාර්තා වන ඉරානයේ අලුත් අවුරුද්ද ඊයේ දිනට යෙදී තිබුණි.

පවතින තත්වය මත නිවෙස් වලින් බැහැරව නොයන ලෙස එරට රජය උපදෙස් ලබා දී තිබුණත් මිලියන 1.2ක පමණ ජනතාවක් ඊට අවනත වී තිබුණේ නොමැත.

මේ අතර එක්සත් රාජධානියේ පවතින තත්ත්වය හමුවේ එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අගමැති බොරිස් ජොන්සන්ගේ නිවේදනයකට අනුව ඊයේ දිනයේ සිට එක්සත් රාජධානියේ තැබෑරුම්, අවන්හල්, නාට්‍ය ශාලා , සිනමා ශාලා සහ ශාරීරික සුවතා මධ්‍යස්ථාන ඇතුළු ජනතාව ගැවසෙන ස්ථාන සියල්ලම පාහේ  වසාදමා තිබේ.

ඒ අතර වෛරසයෙන් ආරක්ෂා වීමේ නිසි උපදෙස් පිළිපදිමින් ඊශ්‍රායලයේ පැවති විවාහ උත්සවයක් වෙත කාගෙත් අවධානය යොමු වී තිබුණි.

නව යුවළට සුභ පැතීමට බොහෝ පිරිසක් එක්ව සිටියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

එරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වෙයි.

සිංගප්පූරුවෙන් අද පළමු වරට කොරෝනා මරණ දෙකක් වාර්තා වූයේ අද දිනයේදීයි.

කොරෝනා මරණ 275 ක් වාර්තා වී ඇති අමෙරිකාවේ ජනගහනයෙන් සියයට 23ක පමණ පිරිසකට බලපැවැත්වෙන පරිදි නිවස තුළ රැදී සිටීමේ නියෝග ප්‍රාන්ත බලධාරීන් නිකුත් කර තිබීම විශේෂත්වයකි.

කැලිෆෝනියා, නිව්යෝර්ක් ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම මෙලෙස නියෝග නිකුත් කර ඇති අතර පවතින තත්ත්වය හමුවේ ටෙක්සාස් ප්‍රාන්තයේ “මහජන සෞඛ්ය  ආපදා තත්ත්වයක්” ප්රාකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්ය.

Read more

Local News