නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188ක ව්‍යාප්ත වී තිබේ.
මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන මරණ ඊයේ(21) දිනයේත් කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබුණි.
මේ වනවිට ලෝකයේ සිදුව ඇති කොරෝනා මරණවලින් වැඩිම සංඛ්‍යාවක් සිදුව ඇති රට බවට පත්ව සිටින්නේද ඉතාලියයි.
ඉතාලිය එවන් ඉරණමකට මුහුණ දී සිටියදී වෛරසය ආරම්භ වී ව්‍යාප්තිය සිදු වූ චීනය වෛරසය මර්දනය කිරීමට සමත් වී තිබීම විශේෂත්වයකි.
චිනයෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ ප්‍රමාණය අඩුවෙමින් පවතින අතර, එරට සිටින විදේශීකයින්ට කොරෝනා ආසාදනය වීමේ වැඩි වීමක් දක්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඊයේ දිනයේ විදේශයන්හි සිට පැමිණි 45 දෙනෙකු ඇතුළු නව ආසාදිතයින් 46 දෙනෙකු එරටින් වාර්තා වන අතර සිදුව ඇති මරණ ගණන 6කි.
ඊයේ දිනයේත් ආසාදිතයින් 504 දෙනකු එරට රෝහල්වලින් සුවය ලබා පිටව ගොස් තිබුණි.
ඒ අනුව චීනයේ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 71,740කි.
රුසියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 306 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වන්නේ එක් මරණයක් පමණයි.
රුසියානු ධන කුවේරයෙකු එරට වැසියන්ට නොමිලේ මුව ආවරණ බෙදාදීමට කටයුතු කළේය.
මේ අතර වෛරසයෙන් ආරක්ෂා වීමේ නිසි උපදෙස් පිළිපදිමින් ඊශ්‍රායලයේ පැවති විවාහ උත්සවයක් වෙත කාගෙත් අවධානය යොමු වී තිබුණි.
නව යුවළට සුභ පැතීමට බොහෝ පිරිසක් එක්ව සිටියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.
එරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වෙයි.




