හවායි වෙත පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක් නිරෝධායනට

Share

අමෙරිකාවේ හවායි ප්‍රාන්තයට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනට ලක් කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව අද අලුයම සිට නැවත දැනුම්දෙන තුරු එම නිරෝධායන කටයුතු සිදුකෙරෙන බවයි ප්‍රාන්ත ආණ්ඩුකාර ඩේවිඩ් ඉගේ ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 340 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයින් 26,686 දෙනෙකුට වෛසරය ආසාදිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News