කොළඹ-ගම්පහ-පුත්තලම-උතුරට හෙට උදෑසන 6.00 දක්වා ඇදිරි නීතිය

Share

දිස්ත්‍රික් 8කට හැර සෙසු ප්‍රදේශ සඳහා අද පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කර තිබේ.

 

එම ප්‍රදේශවලට අද(23) පස්වරු 2.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා නැවත ඇදිරි නීතිය පනවන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

පසුගිය සිකුරාදා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවනු ලැබුවේය.

ඒ අනුව කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ඇදිරි නීතිය හෙට උදෑසන 6.00 දක්වා දීර්ඝ කර තිබේ.

හෙට උදෑසන 6.00ට එම දිස්ත්‍රික් සදහා ඉවත් කරන ඇදිරි නීතිය හෙට පස්වරු 2.00 ට යළි පැනවීමට නියමිතයි.

Read more

Local News