අද(23) දින පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර තිබේ.
කෙසේවෙතත් හැකි සෑම විටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා අන්තර්ජාල තාක්ෂණය භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ATM යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම්දී සිටියි.
බැංකු සේවා ලබාදීමේදීත්, සේවා ලබාගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන්ම මහජනතාවට ද දැනුම්දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



