අද(23) උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම්වරයා බැංකු බළධාරීන්ට දැනුම් දෙයි.
මේ සඳහා ශාඛා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතුය.
මේ කාර්යයට සහාය වන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලංකා බැංකු සේවක සංගමයෙන් ඉල්ලා සිටියි.



