ලිබියා වෙරළ තීරය හරහා සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන යමින් තිබූ යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔවුන් ජීවිතක්ෂයට පත් වන්නට ඇති බවට සැක කෙරේ.
එම යාත්‍රාවේ ගමන් කරමින් සිටි සංක්‍රමණිකයන් දහසය දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ලිබියා නාවික හමුදාව සමත් විය.
මීට අමතරව තවත් බෝට්ටු තුනක සිටි සංක්‍රමණිකයන් 300කගේ දිවි බේරාගෙන තිබේ. ලිබියාව, උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වන්නන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.