මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට මෙරට පුද්ගලයින් 220 දෙනකු සහ විදේශිකයින් 07 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 18ක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අලුතින් කොරෝනා ආසාදිත රෝගීන් 9 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැනුණු අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකුම වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.
තවත් තිදෙනෙක් කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තා වු අතර ප්‍රථම වරට ඊයේ යාපනය දිස්ත්‍රිකයෙන්ද එක් කොරෝනා රෝගීයෙකු වාර්තා විය.
ඒ අනුව ච්න ජාතික කාන්තාවත් සමග මෙරට මෙතෙක් වාර්තා වූ කොරෝනා වෙෙරසය ආසාදිත රෝගීන් ගණන 95ක් වෙයි.



