නවතම විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ නව කොරෝනා වෛරසයේ වැඩි බලපෑම පුරුෂ පාර්ශවය වෙත එල්ලවී ඇති බවයි.
ඉතාලියේ දී සිදුකළ සමීක්ෂණයකදී හඳුනා ගෙන ඇත්තේ එරටින් වාර්තාවු ආසාදිතයින්ගෙන් සියයට 60ක් පුරුෂයන් වූ අතර මියගිය පිරිසෙන් ද සියයට 70ක්ම පුරුෂයින් බවයි.
කාන්තාවන්ට වඩා පුරුෂයන් මත්පැන් පානයකිරීම, දුම්පානය වැනි කරුණු හේතුවෙන් මෙම තත්ත්වය තීව්ර වී ඇති බව ඔවුන් හඳුනා ගෙන තිබුණි.
කෙසේ නමුත් CNN ජාලය ප්‍රකාශයට පත්කළ මෙම වාර්තාව පෙන්වා දෙන්නේ, කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් අමෙරිකානුවන් තොරතුරු සඟවන බවයි.
මේ හේතුවෙන් පවතින තත්ත්වය ගෝලීය වශයෙන් අවබෝධ කර ගැනීමට නොහැකිවී ඇති බවත්, විමර්ශකයින් අනාවරණය කර තිබුණි.
ලෝකයේ රටවල් රැසක් පූර්ණ හෝ අර්ධ වශයෙන් වසා දමා තිබියදීත් ඒ සියල්ලට අභීයෝග කරමින් නව කොරෝනා වෛරසය ලෝකය පුරා අධික වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතියි.
වෛරසය පාලනය සඳහා තවත් සැලකිය යුතු කාලයක් පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීමේ වැදගත්කම සෞඛ්‍ය බලධාරීන් නැවත නැවතත් පෙන්වා දෙන්නේ ඒ අනුවයි.




