ලොව පුරා කොරෝනා මරණ ගණන 22, 000 ඉක්මවයි

Share

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව අද 22, 000 ඉක්මවා ගියේය.

 

ලොව පුරා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට හාර ලක්ෂ අසූ දහස ඉක්මවා තිබේ.

මේ අතර කොරෝනා මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ස්පාඥඤයේ ප්‍රකාශයට පත්කර තිබූ හඳිසි තත්ත්වය අප්‍රේල් 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, ගතවූ පැය 24 තුල එරටින් කොරෝනා මරණ 655 ක් වාර්තා වී ඇති බවය.

ඒ අනුව, මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 4089 කි.

ස්පාඥ්ඤයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 56,000 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර කොරෝනා ව්‍යවසනයේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී.

එම සංවිධානය මෙම අනතුරු ඇඟවීම කළේ, අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙනි.

ගෙවුණු දිනයේ එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1050 කි.

මෙම තත්ත්වය හමුවේ කොරෝනා මර්දන මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකක මුදලක් වෙන් කිරීම සඳහා වන කෙටුම්පතකට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, අමෙරිකානු ඉතිහාසයේ විපත් තත්ත්වයක දී වෙන් කෙරුණු වැඩිම මුදල මෙය වනු ඇත.

එරට වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ නිව්යෝක් ප්‍රදේශයයි.

මේ අතර කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව ඇති දිළිඳු වැසියන් වෙනුවෙන් ඩොලර් බිලියන 22 ක මුදලක් වෙන් කිරීමට ඉන්දීය රජය පියවර ගනු ලැබිණි.

එරට ආර්ථික අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසුවේ කිසිදු ඉන්දියානුවෙකු කුසගින්නේ තැබීමට තමාට අවශ්‍ය නොවන බවය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හමුවේ මේ වනවිට ඉන්දියාවේ සියලු කටයුතු දින 21 ට අක්‍රීය කර තිබේ.

Read more

Local News