ක්‍රයිස්ට්චර්ච් දේවස්ථානයේ දී 51ක් ඝාතනය කළ බව සැකකරු පිළිගනියි

Share

පසුගිය වසරේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයට කඩා වැදි  එහි සිටි පුද්ගලයින් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයා එම වරද පිළිගෙන තිබේ.

 

29හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති මෙම පුද්ගලයා නවසීලන්ත අධිකරණයේ දි පවසා ඇත්තේ තමා විසින් පුද්ගලයින් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම ත්‍රස්තවාදි ක්‍රියාවක් බවට පිලිගන්නා බවයි.

ඒ අනුව ඔහු මීනී මරුම් චෝදනා 51 කට සහ ත්‍රස්තවාදි ක්‍රියා සිදුකිරිම සම්බන්ධයෙන් වරදකරු කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නමුත් පසුගිය වසරේ සිට මේ දක්වා පැවති සියලු නඩු වාරවලදි ඔහු විසින් තමාට එල්ල කරන මිනීමරුම් ‍චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

මෙම නඩුවේතීන්දුව ලබන ජුනි මාසයේදී ප්‍රකාශ කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය කළේය.

Read more

Local News