ඇඳිරි නීතිය කඩ කළ 4018ක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වන විට දිවයින පුරා පුද්ගලයින් 4018 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි‍ පොලීසිය පවසයි.

 

ඒ 2020.03.20 වන දින සවස 6 සිට අද(27) උදෑසන 6 දක්වා කාලය තුළ බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නි‍වේදනය කරයි.

මෙම කාල‍ය තුළ දී වාහන 1033 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වු පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 533ක් හා වාහන 98 ක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.

Read more

Local News