නිරෝධායනයට ලක් වූ සිව්වන කණ්ඩායම අද නිවෙස් වෙත

Share

විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු සිව්වන කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත් ව යාමට නියමිතය.

 

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව 500 කට අධික පිරිසක් එලෙස පිටත් කර යැවෙන බවයි.

ඔවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා ව්‍යාප්තවීමෙන් අනතුරුව එම රටවල සිට මෙරටට පැමිණි පිරිසකි.

Read more

Local News