ඇඳිරි නීතිය කඩ කළ 342ක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කළ පුද්ගලයින් 342 දෙනෙකු අද(27) දහවල් 12 සිට සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට පත්ව තිබේ.

 

ඒ සමඟ වාහන 62 ක් ද අත්අඩංගුවට පත්වු බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ අනුව 2020.03.20 වන දින සවස 6 සිට අද සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ප්‍රමාණය 4559 කි.

වාහන සංඛ්‍යාව 1125 ක් බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News