කොළඹ ජාතික රෝහලේ ආරක්ෂ අංශ නිලධාරීන් සමග පිරිසක් අද ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.
රෝගියෙකු බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණි පිරිසක් වැළැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි වාර්තා වේ.
එහිදී ආරක්ෂක නිලධාරීන්ට තුවාල සිදුව තිබේ.
මරදාන පොලීසිය මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



