දකුණු කොරියා ජනාධිපති මූන්ජේ ඉන් සමග පැවති දුරකථන සංවාදයක් අතරතුර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡා පවත්වා දිනකට පසුව මෙම දුරකථන සංවාදය සිදුව තිබේ. දකුණු කොරියා ජනාධිපතිවරයා උතුරු කොරියාව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵල අමෙරිකා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
මෙම සාකච්ඡා සඳහා දෙපාර්ශ්වය යොමු කිරීමට අමෙරිකාව කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන ලදි.