සියලු මගී ගුවන් යානා සඳහා මෙරටට පැමිණීමට පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙම ගුවන් තහනම මාර්තු මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගුවන් යානා තහනම අප්‍රේල් මස 7 වනදා දක්වා දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් වෙනත් රටවල් කරා පිටත්ව යාමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානාවලටත්, හදිසි අවශ්‍යතා මත ගොඩබස්වනු ලබන ගුවන් යානාවලටත් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘතව පවතියි.
මීට අමතරව කාර්මික දෝෂ හේතුවෙන් ගොඩබස්වනු ලබන ගුවන් යානා ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සඳහා ගොඩබස්වනු ලබන ගුවන් යානා මෙන්ම මගීන් රහිත ගුවන් යානාවලටත් තවදුරටත් ගුවන් තොටුපල විවෘතව පවතින බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.



