කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත සදහන් කළේ මෙරට තුළ ඖෂධ බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ, කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත දින දෙකක් තුළ ලංකාවට ගෙන ඒමට නියමිත බවයි.
රජයේ ඔසු සැල් විවෘතව තැබෙන බවට රජය නිවේදනය කළඳ ඊයේ දිනයේ ඔසුසැල් කිසිවක් විවෘතව තිබුණේ නොමැත.
මේ හේතුවෙන් ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව දැඩිලෙස අපහසුතාවට පත්වුණි.



