ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව යන ප්‍රදේශවල තොග සහ සිල්ලර වෙළඳසැල් මෙන්ම සුපිරි වෙළඳසැල් ද වසා දැමීමට තීරණය කර ඇති බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා සඳහන් කළේය.
බණ්ඩාරවෙල නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර අදාල පුද්ගලයා පසුගිය 18 වනදා දියතලාව රෝහල වෙත ගොස් ඇති අතර ඔහු එහි පැය කිහිපයක් ගත කර ඇති බව ද වාර්තා වෙයි.
ඒ අනුව එදින පෙරවරුවේ රෝහලේ බෙහෙත් ශාලාවේ රැදී සිට ඇති අතර එම අවස්ථාවේ දී රෝහල තුළ රැදී සිටි පුද්ගලයින්ට බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.
පුද්ගලයින් 80 දෙනෙකු පමණ එම අවස්ථාවේදී රෝහල තුළ රැදී සිට ඇති අතර මේ දක්වාත් පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත්තේ 9 දෙනෙකු පමණක් බව පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් අද දිනයේ දී නගර වැසියන්ට එළවළු බෙදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් බැංකු කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව පවතින බව ද පොලිස් අධිකාරීවරයා පැවසුවේය.
මේ අතර ඇදිරි නීතිට ඉවත් කළද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව, කහටගස්දිගිලිය සහ හොරෝව්පතාන යන නගරවලවල පොදු වෙළදසැල් , තොග සහ සිල්ලර වෙළදසැල් මෙන්ම සුපිරි වෙළස සංකිර්ණ වසා තැබීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මහනුවර අකුරණ ප්‍රදේශයෙන් හමුවු නව කොරෝනා වෛරස අසාදිත පුද්ගලයා අදාළ ප්‍රදේශවල සංචාරය කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර බේරුවල පන්නිල ග්‍රාමයෙන් ද නව කොරෝනා අසාධිතයෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ කිසිදු පුද්ගයෙකුට නිවෙස්වලින් පිටතට නොයන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.



