කොරෝනා මෙරට ඕනෑම වයස් කාණ්ඩයකට ආසාදනය විය හැකියි

Share

මාර්තු මස 10වන දිනෙන් අනතුරුව කුමන හෝ රටක සිට මෙරටට පැමිණි ඕනෑම පුද්ගලයෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමුවිය යුතු බව පොලීසිය යළි අවධාරණය කර සිටියි.

 

එලෙස නිරෝධායනයට යොමු නොවන පුද්ගලයින් සමබන්ධව නිරෝධායන පනතට අනුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු විනය හා කල්ක්‍රියා දිසාව භාර නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක්වු ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍යා විද්‍යා සංගමයේ සභාපති වෛද්‍ය පත්මා එස්.ගුණරත්න මහත්මිය සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මෙරට ඕනෑම වයස් කාණ්ඩයකට අසාධනය විය හැකි බවයි.

Read more

Local News