පරිප්පු හැංගුවොත් වෙන දේ

Share

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පාරිභෝගික පැමිණිලි 2200ක් ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

 

වැඩිම පැමිණිලි ලැබි ඇත්තේ වැඩි මිලට භාණ්ඩ විකිණිම යටතේය.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි.

වෙ‍ළෙඳපොළේ දෛනික අලෙවි කටයුතු පිළිබඳවද විමර්ශනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරත වේ.

එහිඳි කොළඹ මැනිං වෙළෙඳපොළේ එළවළු අලෙවිය පිළිබඳවද අවධානය යොමුකරමින් පාලන මිලක් පනවනු ලැබීය.

පාලන මිල පැනවීමෙන් පසු එළවළු තොග වශයෙන් ලැබුණත් මිලදී ගැනීමට තොග වෙළඳුන් පසුගියව 28වනදා නොපැමිණිම නිසා දැඩි අසිරුතාවයකට පත් වු බව මැනිං වෙළඳපොළ වෙළෙඳ සංගමය පවසයි.

එම එලවළු ඊයේ (29) අළේවි කිරිමට පියවර ගෙන ඇත.

මැනිං වෙළෙඳපොළ සහ පිටකොටුව අවට තොග වෙළඳුන් පරිප්පු සඳවා තබා ගැනීමත් පිළිබඳව පැමිණිලි අධිකාරියට ලැබීඇත.

පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.

පාරිභෝගික කටයුතු පනත යටතේ මාස 6ක් සිරදඬුවම් හිමිවන බවද ඒ මහතා වැඩිදුරත් පැවසීය.

Read more

Local News