ඉතාලියේ විවිධ ප්‍රදේශවල සමූහ ආදාහන කටයුතු සිදුකිරීම සහ එහිදී ඉතාලි ජාතිකයන් නිරුවත්ව මෙන්ම කිසිඳු ආගමික පිළිවෙතකින් තොරව අවසන් කටයුතු සිදුකළබවට ප්‍රචාරයවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ් – 19 වෛරසය පැතිරීම හේතුවෙන් ඉතාලියේ දැනට පවතින තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබූ විවිධ ප්රවෘත්ති පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය විසින් මෙලෙස නිවේදනයක් නිකුත් කරමින් පැහැදිළි කිරීමක් සිදු කර ඇත.
පොදුවේ සාමාන්‍ය ලෙස ආදාහන කටයුතු සිදුකිරීමට අවසර නැති නමුත් අවසන් හුස්ම හෙළු පුද්ගලයාගේ සමීප ආදරණීයන් සීමිත පිරිසක් ඇතුළුව සහ මියගිය පුද්ගලයාට අයත් ආගමට අනූව මියගිය සියලූ දෙනාගේම අවසන් කටයුතු සිදුකර තිබේන බවද එම නිවේදනයේ සඳහන් වේ.
මියගිය තැනැත්තන්ගේ මෘත දේහයන් (තැන්පත් කළ තනි මිනිපෙට්ටිය හෝ භෂ්මාවශේෂ තැන්පත් කළ බඳුන) තනි තනි වශයෙන් අදාළ පුද්ගලයාට අයත් ආගමානූකූලව සහ නීතිමය රෙගුලාසිවලට අනූව හිමිවියයුතු අවසන් ගෞරවයන් දක්වමින් ඉතාලි සංස්කෘතියේ මුල්බැසගත් අවමංගල්‍ය චාරිත්‍රවලට අනුව නිසි පරිදි අවසන් කටයුතු සිදුකිරීමට සියලූ පහසුකම් රජය විසින් සළසා දී තිබේ.
එසේම,ඔබේ දැනුවත්වීම උදෙසා මෑතක දී පළවූ ප්රවෘත්තියකට අදාළව අපට කිවහැක්කේ අනවසරයෙන් ඉතාලියේ රැඳීසිට ශ්‍රී ලංකාවට පැමිණි කිසිවෙකුත් ඉතාලිය බලාපිටත් වීම සඳහා අප තානාපති කාර්යාලය වෙතින් නිත්‍යානුකූල වීසා ලබාගෙන නොතිබුණු අතර,මේ වන තුරුත් වීසා ලබාගැනීම සම්බන්ධව කිසිදු ඉල්ලීමක් තානාපති කාර්යාලය වෙත ලැබී නොමැති බවයි.
තවද, මෙවන් ව්‍යසන තත්ත්වයක දී සිය සහයෝගීත්වයේ හස්තය දිගුකරමින් අදහස් දැක්වූ සියලූ ශ්‍රී ලාංකික මිතුරන්ට පෙරළා සිය කෘතවේදීත්වය පළ කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.



