කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සුවය ලබා තිබේ.
ඔවුන් සිව්දෙනා අද (30) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින්15 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
මෙරටින් වාර්තා වූ 122 ක් වන සමස්ත ආසාදිතයින් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 104 ක් වේ.



