ගෙවතු දස ලක්ෂයක් වගා කිරීම අරමුණු කර ගනිමින් “සෞභාගයේ ගෙවත්ත” යෝජනා ක්‍රමයට අවශ්‍ය බීජ හා පැල ඉදිරි සතියේ දී ජනතාවට සහන මිලට ලබා දීමට තීරණය වී තිබේ.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකය අඩපණ වී ඇති මේ මොහොතේ කෘෂි කේෂ්ත්‍රය තුළ ඇති ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(30) මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේ දී පවත්වා තිබේ.
එහිදී මෙම තීරණවලට එළඹ ඇත.
වගාව සඳහා අවශ්‍ය පොහොර, ජලය හා බීජ ලබා දීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට මෙහිදී ලබා දී ඇත.
මේ දිනවල උද්ගත වී ඇති භාණ්ඩවල මිල පිළිබඳව සොයා බලා පොල් සඳහා පාලන මිලක් යොදවන ලෙසත් උඳු, මුංඇට හා කව්පි සඳහා සහතික මිලක් නියම කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
ඒ අතර නියඟය හේතුවෙන් පානිය ජලය නොමැතිව පීඩා විඳින ප්‍රදේශ සොයා බලා අත්‍යවශ්‍ය ස්ථානවල නළ ළිං ඉදි කිරීමටත් මෙහිදී අවශ්‍ය අනුමැතිය ලබා දී තිබේ.
මෙම අවශ්‍යතාවට අමාත්‍යාංශ ලේකම්, ගොවිජන , කෘෂිකර්ම හා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරු, හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුලු පොහොර හා බීජ ආනයනය කරන පෞද්ගලික සමාගම්වල නියෝජිත මහත්වරුන්ද එක්ව ඇත.



