ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් විශේෂ විමසීමක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කළේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05න් අවසන්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි.
මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.