මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වැළදෙයි – කළුබෝවිල වාට්ටුවක් වසයි

Share

දකුණු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල මහාරෝහලෙන් කොවිඩ් නයින්ටීන් ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟ එම රෝහලේ වාට්ටුවක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ.

 

60 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක් කරන අතර රෝගින් හෝමාගම මුළික රෝහල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙනු ඇති.

Read more

Local News