කොරෝනා රෝගින් ගණන 142ක් දක්වා ඉහළට – මෙරට දිනක් තුල වැඩ්ම ආසාදිතයින් ගණන අද වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

අද (31) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් 10 දෙනා තහවුරු වී ඇති බවයි.

අද සවස වාර්තා වූ කොරෝනා රෝගීන් 10 දෙනාම පුත්තලම්න් බව වාර්තා වෙයි

ඒ අනුව අද දවස තුල කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 20ක් වාර්තා වි තිබේ.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 123ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 17ක් වේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇත.

වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු අද සුවය ලබා එම රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ් අනුව දිනක් තුල වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන අද වාර්තා වුනා. ඒ ආසාදිතයින් 20ක් වන අතර අද පස්වරු 7.30 වන විටයි

Read more

Local News