නුවරඑලිය සිට බදුල්ල බන්ධනාගාරය දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනෙකු නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
අද (31) දින පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදිය.
අනතුරෙන් බන්ධනාගාර නිලධාරිනියන් තිදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ රැදිවියන් කිසිවෙකු බස් රථය තුල නොසිට ඇති බවත්, මාර්ගයෙන් ඉවතට පැන ඇති බස් රථය නිවසක් මතට පෙරළීමෙන් අනතුරුව එම නිවසටද දැඩි අලාභ හානි සිදු වී ඇති බව අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පැවසුවේය.
බස් රථය නිවස මතට පෙරළෙන අවස්තාවේ නිවස තුල සිටි අය බිය වී නිවසින් පිටතට දිවගොස් අනතුරෙන් බේරි ඇති බවත්, අනතුරෙන් බන්ධනාගාර බස් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් අප සියත වාර්තාකරු පවසයි.



