තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කරාට සමෘද්ධි බැංකුවලට යන්න එපා

Share

අද(01) දින ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරනු ලැබු ප්‍රදේශවල ජනතාවට සමෘද්ධි බැංකුවලට යෑම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කරයි.

 

එසේ බැංකුවලට ගිය ද ආධාර ලබා ගැනීමට ‍හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය.

සමෘද්ධි ආධාර මුදල ලබා දීමට සමෘද්ධි නිලධාරීනිය හෝ නිලධාරියා නිවසටම පැමිණ මුදල් බාර දෙන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ(31) පැවති කොවිඩ් 19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි පොලී රහිත ‍රුපියල් 5000 ණය මුදල පවුල් 948000 ක ප්‍රමාණයකට නිකුත් කර ඇති බවත් අමාත්‍යවරිය පැවසීය.

ඒ සඳහා වු මුදල් රුපියල් මිලියන 4700 අදාළ බැංකු වෙත මේ වන විට මුදා හැර ඇති බවත් හෙට හෝ අනිද්දා වන විට එම මුදල් සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ සියලු පවුල‍් වෙත ලැබෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Read more

Local News