ඇඳිරි නීතිය කඩ කළ 8451ක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ(31) උදෑසන 6 සිට අද(01) උදෑසන 6 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 1093 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර ගත වු පැය 24 ක කාලය තුළ වාහන 310 ක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය මාර්තු 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 2078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ රට තුළ උද්ගත වී ඇති වසංගත තත්ත්වය පාලන වන තෙක් අත්අඩංගුවට පත් කිසිදු වාහනයක් මුදා නොහරින බවයි.

Read more

Local News