අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයේ ගැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Share

උඩුදුම්බර පොලිස් වසමේ උඩුදුම්බර කලුගල මාර්ගයේ කිරිගං‍කුඹුර ප්‍රදේශයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී වයස අවුරුදු 12 දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ(01) සවස 5 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

කලුගල දෙසට මෙම කැබ් රථය ධාවනය වී ඇති අතර මාර්ගයක ගමන් කළ දරුවා එහි ගැටී තිබේ.

බරපතළ තුවාල ලැබු දරුවා උඩුදුම්බර රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මියගිය දරුවා කිරිගංකුඹුර , උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව තිබේ.

උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News